වර්ෂාව,..............

සිහින එක් කරන,සිහින සුන කරන

මායාවකි මේඝයන් ගේ

නමුදු කලාකරුවාට

වර්ෂාව යනු

සිත නිවන ගීතයකි මනරම්

එකම ලොවක වර්ෂාවට

දෑ හැඟුමක් කිම.....?

අහෝ මිනිසුනි .......`

මායව නම්

වර්ෂාව නොව

             මිනිස් මානයයි........


ලාංකේය මීලඟ පරිගණක පරම්පරාව බිහිවන්නට නියමිතය සාම්ප්‍රදායික කෝණයෙන් ඔවුන් දෙස නොබලනු ඔබ දකින දරුවා පරිගණකය නිසා දුගතියට හෝ සුගතියට ගිය අයෙක් ලෙස සමාජ ගත වන්නේ ඔබේ මානය නිසාමය.........

උත්තමාචාරය........

පෙර දිනෙක සැම දෙනා -පැවසුවේ නුඹ ගැනය
රූප පෙට්ටියේ කතා පැට්ටියේ -හඬ නෙගූවේ විරු කම්ය
ඇතත් කරුණක් කියන්නට මට
කියන්නේ කෙලෙසකද නොදනිමි

කාලයත් ගත වී ගියා
විරු විකුම් නෑසී ගියා
මව් බිමෙ නාමයෙන් ඔබ හට
ඔබත් අහිමිව ගෙවූ කාලය
මතකයට ගෙන දුක් නොවන් පිය සොහොයුරේ

පයක් අහිම්වු අපේ විරුවෙක්
බසයකට නැග කඩල විකුනයි
ඔබත් දුටුවද මමත් දුටුවෙමි

සවදානව සිතන් හැම සඳ
ඔවුන් හට ඒ දුක උරුම උනේ
ඔවුන් ව නො තකන අය නමින් නොවෙද?

අපි එක්ව සිතමු ආයෙමත්
විරු දනන් පුදමු ආයෙමත්



මේක ඇත්තම කතාවක්.පිළියන්දල ප්‍රදේශයේ බසයකදී මට හමු වූ අපේ රණවිරුවෙක් මට කී කතාවක්.මේ පුංචි රටේ මේ වගේ කතා තව කොච්චර ඇත්ද